by Chathuranga Rajapaksha 23-04-2021 | 9:33 PM
COLOMBO (News 1st) : මාතර ශාන්ත සර්වේෂස් සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 121 වැනි රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත්විය.
අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 202කි.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේය.