''ශ්‍රී ලංකාවේ දැන් නව COVID ප්‍රභේදයක්..'' - මහාචාර්ය නීලිකා මලවිගේ

by Sagarika Chathumali 23-04-2021 | 4:21 PM

COLOMBO (News 1st) : මේ වන විට කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් රටට ඇතුළු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නී ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් - 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් මහාචාර්යවරිය සඳහන් කළේ , පළමු, දෙවැනි රැළිවලට වඩා වෙනස් ආකාරයට මෙම නව ප්‍රභේදය හැසිරෙමින් ඇති බවයි. තව ද මෙම නව ප්‍රදේභදය කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද ඇය පැවසුවා ය. එක් අයෙකුගෙන් තවත් 5, 6 දෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව පවතින බවත් වෛරසය ආසාදනය වන තරුණ ප්‍රජාවට ද දරුණු රෝග ලක්ෂණ මතු වීමේ ප්‍රවණතාවක් ද ඇති බව ඇය එහිදී පැවසුවා ය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වාතය හරහා වෛරසය බෝ වීම පිළිබඳව ද මහාචාර්යවරිය කරුණු පැහැදිලි කළා ය. මහාචාර්යවරිය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, සියලු දෙනා මුව ආවරණ පළඳිමින් , නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම මෙම අවස්ථාවේ අතිශය වැදගත් බවයි.