වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක්

වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 917ක් - අල්ලස් කොමිසම

by Staff writer 23-04-2021 | 8:18 AM

COLOMBO (News 1st) - අල්ලස් සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 917 ක් වසරේ මේ දක්වා කාලය තුළ ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ඉන් පැමිණිලි 337 ක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඉන් 276 ක් ම අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි වන අතර සෙසු 61 වත්කම් සම්න්ධයෙන් ලැබී ඇති පැමිණිලි බව කොමිසමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. විමර්ශනවලදී ඊට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනයට ලක් කෙරෙන පැමිණිලිවලට අදාළව ලබා ගෙන ඇති අල්ලස් මුදල රුපියල් නව ලක්ෂ 42,500 ක් බව ද අල්ලස් කොමිසම පැවසුවේ ය.