බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මහ වැසි..

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මහ වැසි..

by Staff writer 23-04-2021 | 8:49 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි. දිවයින අවට පහළ වායුගෝලයේ තිබෙන ක්‍රියාකාරි වළාකුළු පද්ධතියක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.