by Staff writer 23-04-2021 | 9:23 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පල්ලේකැලේදී පැවැත්විය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229කි.
ශ්‍රී ලංකා පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 114ක සබඳතාවක් ගොඩනැගුවේය.
තිරිමාන්න ලකුණු 58ක් ලබා ගත්තේය.
26 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 85ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 541ක් රැස් කරගෙන සිටියදී අද සිය ඉණිම අත්හිටුවිය.