සති අන්තයේ නිවෙස් තුළම රැඳී සිටින්න - යුද හමුදාපති

''දීර්ඝ සති අන්තයේ නිවෙස් තුළම රැඳී සිටින්න...'' - යුද හමුදාපති

by Sagarika Chathumali 23-04-2021 | 11:54 AM

COLOMBO (News 1st) : එළඹෙන දීර්ඝ සති අන්තයේ නිවෙස් තුළම රැඳී සිටින ලෙස කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද උදෑසන යුද හමුදාපතිවරයා  ජනතාවට දැනුම් දී සිටියේ, විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් ද වළකින ලෙසයි. සිංහල - දමිළ අලුත් අවුරුද්දට ප්‍රථම ජනතාව හැසිරුණු ආකාරය අනුව මෙම අවස්ථාවේ කොවිඩ් ආසාදිතයින් හමුවන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා පැවසුවේ, ඉදිරි සති 3 තීරණාත්මක වනු ඇති බවයි. තව ද අලුත් අවුරුද්දෙන් පසු දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින් හැසිරිණු ආකාරයේ ප්‍රතිඵල බොහෝදුරට ඉදිරි සති 2ක තුළ ලැබෙනු ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.