ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-04-2021 | 6:23 AM

දේශීය පුවත්

1. රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති: රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2. කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන කුමක්දැයි අධ්‍යයනය කර අද නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය. 3. සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට: රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ විශේෂ කාර්ය බලකාය(STF) විසින් වැටලීමකින් සිදු කරනු ලැබ තිබේ. 4. බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති: මඩකලපුව, පුනානිහි ඉදිකර ඇති බැටික්ලෝ විශ්වවිද්‍යාලය කොතලාවල විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස හෝ වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදෙස් පුවත්

5. පකිස්ථානයේ චීන තානාපති ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක්, 4ක් මරුට: පකිස්ථානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කරන බෝම්බ ප්‍රහාරයකින් එරට ක්වේටා නගරයේ හෝටලයකදී පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබේ.