''ගෑස් ටැංකියෙ බර අඩු කළ සූත්‍රය මට කියලා දෙන්න''

''ගෑස් ටැංකියෙ බර අඩු කළ සූත්‍රය මට කියලා දෙන්න'' - නලින් බණ්ඩාර

by Sagarika Chathumali 23-04-2021 | 11:05 AM

COLOMBO (News 1st) : ගෑස්වල බර අඩු කරන්නේ හෝ මිල තීරණය කරන්නේ, තමන් නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නිලන් බණ්ඩාර මහතා ගෑස් ටැංකියේ බර අඩුවීම පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ, කිලෝ 12.5 ගෑස් ටැංකිය මේ වනවිට කිලෝ 9.5ක් දක්වා කිලෝ 3කින් බර අඩු වී ඇති බවයි.
 ''රු. 100ක් බොරුවට අඩු කරලා, ඇත්ත මිල රු. 250කින් වැඩි කරලා මේ සූත්‍රය මට කියන්න.. වෙනදා ගෑස් ටැංකි 4කින් කරන වැඩේ දැන් 5කින් කරලා කරන්න වෙලා තියෙනවා. ගෑස් ටැංකියෙ බර අඩු කර රු. 100ක් අඩු කරපු සූත්තරේ මට කියලා දෙන්න.''
                        - නලින් බණ්ඩාර - තව ද එවැන්නක් සිදුව තිබේ නම්, ඊට පාරිභෝගික සේවා අධිකාරි විෂය පිළිබඳ අමාත්‍යවරයා පිළිතුරු දෙනු ඇති බවත් , කිසියම් හොරමක් වංචාවක් දූෂණයක් සිදුව තිබේ නම්, එය තමාට පවසන ලෙසත් වෙළඳ අමාත්‍යවරයා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට පිළිතුරු ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.
''ගෑස්වල බර අඩු කරන්නේ හෝ මිල තීරණය කරන්නෙ වත් මම නෙවෙයි. ලංකාවේ ගෑස් නිෂ්පාදනය කරන සමාගම් 2ක් තියෙනවා රජයේ ගැස් නිෂ්පාදකයා සහ සහ පුද්ගලික අංශ‌ය.. ගෑස්වල මිල පිළිබඳ අධිකාරය දරන්නෙ පාරිභෝගික සේවා අධිකාරිය... ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක් අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරාවි''
        - බන්දුල ගුණවර්ධන -  

සංවාදය පහතින්...

https://www.youtube.com/watch?v=D0eZHJ5GW74