ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ..

ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

by Staff writer 23-04-2021 | 7:02 AM

COLOMBO (News 1st) - ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බවය. කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය. රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්මාන හුදෙකලා කිරීමට පියවර ගන්නා බවය.