අවුරුද්දෙන් පස්සෙ කොරෝනා මෙහෙම වුණේ ඇයි?

අවුරුද්දෙන් පස්සෙ කොරෝනා මෙහෙම වුණේ ඇයි?

by Sagarika Chathumali 23-04-2021 | 2:49 PM

COLOMBO (News 1st): අලුත් අවුරුද්දෙන් පසු කොරෝනා රෝගීන්ගේ රෝග ලක්ෂණවල වැඩිවීමක් මෙන්ම තරුණ පිරිස් වෛරසයට ගොදුරු වීමේ සහ රෝගය දරුණු වීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, PCR පරීක්ෂණවලදී කොරෝනා වෛරසය හඳුනා ගනු ලබන ප්‍රධාන ජාන ඉලක්කයන් අතරින් එකක් වන S ජාන ප්‍රෝටීනය හඳුනා ගැනීමට නොහැකිව ඇති බවයි. එය එසේ වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න , පැහැදිලි නොමැති බව සඳහන් කළ වෛද්‍යවරයා පැවසුවේ, මෙය තවත් වෛරස ප්‍රභේදයක් දැයි හෝ නොදන්නා බවයි. තව ද අධ්‍යක්ෂවරයා පැවසුවේ, පැතිරීම ශීඝ්‍ර වන අවස්ථාවේදී වෛරසය විකෘති වන බවත් එලෙස වෛරසය විකෘතිවීම තුළ වෛරසය එන්නත් සඳහා දා ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත් විය හැකි බවයි. ඒ අනුව විකෘතිතා ගොඩ නැගීම තුළ වෛරසය දරුණු විය හැකි බව ද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.   https://www.youtube.com/watch?v=2jvUrBQf5yc