ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පාරිභෝගික අධිකාරියට පිළිතුරු

අලුතින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරවලින් 50%ක් පමණක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සූදානම් - ලිට්‍රෝ ගෑස් සමාගම

by Staff writer 23-04-2021 | 10:35 PM

COLOMBO (News 1st) : ලිට්‍රෝ ගෑස් සමාගම අලුතින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරය ඉවත් කර ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරිය දැනුම් දී තිබුණි.

ඒ පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කර තිබෙන්නේ , අලුතින් හඳුන්වා දුන් සිලින්ඩරවලින් 50%ක් පමණක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සූදානම් බවය. එමෙන්ම වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් නොමැති බව එම සමාගම නිවේදනයක් මගින් දැනුම් දෙයි. එම සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට සෑහෙන පරිදි අලුතින් හඳුන්වා දුන් ලීටර 18 අයිබ්‍රිඩ් ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය සහ මෙතෙක් භාවිතයේ පැවති සිලින්ඩරය ද, හිඟයකින් තොරව දිවයින පුරා 14000කට අධික අලෙවි සැල් ජාලයක් හරහා බෙදාහරින බවය.