ගනේවත්තේ දුම්රිය නතර නොකිරීමේ තීරණයක්

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ගනේවත්තේ දුම්රිය නතර නොකිරීමේ තීරණයක්

by Staff writer 23-04-2021 | 4:04 PM

COLOMBO (News 1st) : ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද(23) මධ්‍යම රාත්‍රි 12.00 න් පසු දුම්රිය නතර නොකිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 5 ක් කොරෝනා ව්‍යාප්තියක් සමග හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.