by Staff writer 22-04-2021 | 3:27 PM
COLOMBO (News 1st) – හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට දැනුම් දීමක් සිදු තිබේ.
හරීන් ප්‍රනාන්දු මහතාට මේ දැනුම් දීම සිදු කර ඇත්තේ , ඔහු කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයාට මෙම කැඳවීම සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ විය.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් පළ කළ අදහස් ය.