ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු හෝටල් 7ක්

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු පන්තියේ හෝටල් 7ක්

by Staff writer 22-04-2021 | 7:21 AM

COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ, තම කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයින්ට පමණක් නොමිලේ මෙම අවස්ථාව හිමිවන බවය. නිරෝධායන පහසුකම් නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 430 දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට දිවයිනට ගෙන්වා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.