විශ්වවිද්‍යාල ඇරඹන දිනය යළි කල් යයි

''ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ'' - අධ්‍යාපන ඇමති

by Sagarika Chathumali 22-04-2021 | 10:45 AM

COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල යළි විවෘත කිරිමේ දිනය සති 02 කින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද උදෑසන දුන් උපදෙස් අනුව එම තීරණය ගත් බවයි. දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල ලබන 27 වැනිදා ආරම්භ කිරිමට මීට පෙර සැලසුම් කර තිබිණ.