ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි

by Sagarika Chathumali 22-04-2021 | 12:25 PM

COLOMBO (News 1st) : මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL116 දරන ගුවන් යානය භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කළේ, ඉන් ගුවන් යානයේ පිටුපස කොටසට අලාභහානි සිදුව ඇති බවයි. මේ වනවිට එහි සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම හානියට පත් කොටස ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.