by Chathuranga Rajapaksha 22-04-2021 | 10:38 PM
COLOMBO (News 1st) – මාතර ශාන්ත සර්වේෂස් සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 121 වැනි රුහුණු මහා නිල සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේෂස් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේය.
කුෂාන් විජේරාම ලකුණු 70ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී හිරුෂා ජීවඩිත් සහ සිනෙත් දිසානායක කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
පළමු ඉනිම ක්‍රීඩා කරන ශාන්ත තෝමස් ක්‍රීඩකයින් අද දිනය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී එක් ලකුණක් රැස් කර ගෙන සිටියේය.