පළාත් රැසකට අද සවස් කාලයේ තද වැසි

පළාත් රැසකට අද සවස් කාලයේ තද වැසි

by Staff writer 22-04-2021 | 9:22 AM

COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.