අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි

අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි

by Staff writer 22-04-2021 | 11:48 AM

COLOMBO (News 1st) - යාපනය කොඩිකාමම්, කච්චායි යුද හමුදා මාර්ග බාධකය අසළදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යුද හමුදාව වෙඩි තබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. ට්‍රැක්ටර් රථයේ සිටි සැකකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත. මීට දින කිහිපයකට පෙර අණ නොතකා ධාවනය කළ ට්‍රක් රථයකට යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබනු ලැබීය.