පකිස්ථානයේ චීන තානාපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

පකිස්ථානයේ චීන තානාපති ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක්: 4ක් මරුට

by Staff writer 22-04-2021 | 9:14 AM

COLOMBO (News 1st) - පකිස්ථානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කරන බෝම්බ ප්‍රහාරයකින් එරට ක්වේටා නගරයේ හෝටලයකදී පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාව වනවිට පකිස්ථානයේ චීන තනාපතිවරයා ඇතුළු දූත පිරිස හෝටලයේ රැඳී සිට නොමැත. ඔවුන් ඒ අවස්ථාවේදී රැස්වීමක් සඳහා පිටත්ව ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. සූඛෝපභෝගී හෝටලයේ රථගාලේ මෙම පිපිරීම සිදුව තිබුණි. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙය ත්‍රස්ථ ක්‍රියාවක් බවය. මෙතෙක් කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.