එළැඹෙන සති 3 අවදානම්… විනෝද ගමන් එපා..! – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

එළැඹෙන සති 3 අවදානම්… විනෝද ගමන් එපා..! – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

එළැඹෙන සති 3 අවදානම්… විනෝද ගමන් එපා..! – යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

22 Apr, 2021 | 7:11 am

COLOMBO (News 1st) – එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවය.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බව ද ඔහු පැවසීය.

මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, නව ආසාදිතයින් 516 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගය.

ආසාදිතයින් 93,668 ක් සුවය ලබා ඇති අතර 3752 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 630 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]