හම්බන්තොටට ආ නැවේ යුරේනියම් රසායනිකය

JUST IN : හම්බන්තොටට ආ නැවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි

by Staff writer 21-04-2021 | 3:40 PM

COLOMBO (News 1st) : හම්බන්තොට වරායට පැමිණ ඇතැයි, කියන චීනය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බවයි. නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇතැයි ඔහු කියා සිටියේ ය. නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව ද අනිල් රංජිත් මහතා පැවසී ය. මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස , ශ්‍රි ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දී තිබේ. https://www.youtube.com/watch?v=xGgYDyb11Bg   නාවික හමුදාවෙන් අප කළ  විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් ක‌ෙළේ , තවමත් මෙම නෞකාව පිටත වරායේ නැංගුරම්ලා ඇති බවයි. මේ අතර මෙම නෞකාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය. https://www.youtube.com/watch?v=DtV_ngN1Yio&feature=youtu.be