විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට

BREAKING : චීනය බලා ගිය විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නැවක් හදිසියේ ම හම්බන්තොට වරායට

by Staff writer 21-04-2021 | 2:41 PM

COLOMBO (News 1st) : හම්බන්තොට වරායට පැමිණ ඇතැයි කියන නෞකාවක් පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, නාවික හමුදාවට හෝ අදාළ නැව අධීකෂණය කිරීම සඳහා ඇතුළු වීමට අවසර දී නෙමැති බවයි.
''කරුණාකර මේ කාරණාව ගැන සොයා බලා හම්බන්තොට වරායට ආපු මේ විදේශීය නැව ඇත්ත වශයෙන්ම විකිරණශිලි ද්‍රව්‍ය රැගෙන ආව ද? පරමාණුක බලශක්ති අධිකාරියේ තොරතුරු අනුව මේක සත්‍යයක් ද? අසත්‍යයක් දැයි සොයා බලා රට ගැන සිතා මෙවැනි නැවක් එලෙස පැමිණියේ නම්, වහාම පිටමං කිරීමට කටයුතු කරන්න..''
මේ අතර අප කළ විමසීමකදී පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා සඳහන් කළේ , ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොටට පැමිණ ඇති මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය ඇතැයි, තමන්ට වාර්තා වී ඇති බවයි. නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇතැයි ඔහු පැවසී ය. නමුත් නෞකාවේ උපද්‍රවකාරි ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු නිසි පරිදි ලබාදී නොමැති බව ද අනිල් රංජිත් මහතා පැවසී ය. මේ අනුව නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම් දී තිබේ. නාවික හමුදාවෙන් අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ , තවමත් මෙම නෞකාව පිටත වරායේ නැංගුරම් ලා ඇති බවයි. https://www.youtube.com/watch?v=DtV_ngN1Yio