කාසියේ වාසිය බංග්ලාදේශයට..

බංග්ලාදේශය පිත්ත අතට ගනී..

by Staff writer 21-04-2021 | 10:15 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේ තරග දෙකකින් යුතුව පවත්වන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට 18 දෙනෙකු ඇතුළත්ය. නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සහ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක මෙම සංචිතයට කැඳවා තිබේ. මෙරටට පැමිණි බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින්ම දෙපිලකට බෙදී පසුගිය දා දෙදින පුහුණු තරගයකට එක් විය. මෙම තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ද පුහුණු සැසි කිහිපයකට සහභාගි වුණේ පල්ලෙකැලේදීය. කණ්ඩායම් දෙක අතර මේ දක්වා ටෙස්ට් තරග 20 ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව තරග 16ක් ජයගෙන ඇති අතර බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 3 ක් ජය පරාජයෙන් තෙරව අවසන් වී තිබේ.