කේරළ ගංජා කිලෝ 185 ක් හමුදා අත්අඩංගුවට

පුනරින්හි සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 185 ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 21-04-2021 | 1:11 PM

COLOMBO (News 1st) : පුනරින්, පල්ලිකුඩා ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 185 ක් යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

යුද හමුදාව පැවසුවේ, බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව පසුගිය දා (19) මෙම කේරළ ගංජා තොගය සොයා ගත් බවයි. මිලියන 55.7 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ සඳහා කිලිනොච්චි විශේෂ කාර්ය බලකා කඳවුර වෙත භාර දී ඇත. ගත වු මාස 4 ක කාලය තුළ යුධ හමුදාව කරන ලද මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන ඇති ගංජා සහ කේරළ ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,394 කට අධික  ය.