පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්..

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්

by Staff writer 21-04-2021 | 2:26 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කරමින් පාර්ලිමේන්තුවේ අද(21) පෙරවරුවේ විනාඩියක නිහඬතාවක් පළ කළේය.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමෙනි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සැලසුම් කළ පිරිසට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් සභාව දැනුවත් කළේය. එහිදී අග්‍රාමත්‍යවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දීම සදහාවන නීතිමය ප්‍රවේශය ක්‍රියාත්මක වන බවය.