ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-04-2021 | 6:28 AM

දේශීය පුවත්

1.LTTEයට බිම් අ‌‌ඟලක් අල්ලන්න බැරි වුණා, රජය ”Port City” හරහා වෙනම රාජ්‍යක් හදන්න ප්‍රතිපාදන සකසලා – විජයදාස රාජපක්ෂ – එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවුරුදු 30ක් යුද්ධ කර රටේ බිම් අඟලක් හෝ අල්ලා ගැනීමට නොහැකි වුවත් වත්මන් රජය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත මගින් වෙනම රාජ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඊයේ(20) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. 2.රුපියල ශක්තිමත් වීමේ සැබෑ වාසිය රටේ ජනතාවට ලැබෙනවා ද? – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ක්‍රමයෙන් ශක්තිමත් වූ රුපියල යළිත් දුර්වල විය. ඊයේ(20) ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 195 සත 21කි. 3. විජයදාස රාජපක්ෂගේ පුත්‍රයාට ඇප – අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. 4. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි – රේණුක පෙරේරා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. 5. අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක් – අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීති කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදෙස් පුවත්

1. රාහුල් ගාන්ධිටත් කොරෝනා.. : ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට කොරෝනා ආසාදනය වී තිබේ.