කේරළ ගංජා තොගයක් යාපනයේදී STF භාරයට

කේරළ ගංජා කිලෝග්‍රැම් 185ක් යාපනයේදී STF භාරයට

by Staff writer 21-04-2021 | 11:53 AM

COLOMBO (News 1st) - යාපනය, පුනරීන් - පල්ලිකුඩා මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රැම් 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) භාරයට ගෙන තිබේ.

ඒ, පාර්සල් 86ක අසුරා තිබියදීය. කේරළ ගංජා තොගය ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී , එලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. මේ අතර, පෑලියගොඩ වනවාසල ප්‍රදේශයේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 35 යි මිලි ග්‍රැම් 300 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. 39 හැවිරිදි සැකකාරිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 320ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, 22 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මේ අතර මිරිහාන, උඩහමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී ද, හෙරොයින් ග්‍රැම් 03යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 30 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.