by Sagarika Chathumali 21-04-2021 | 5:08 PM
COLOMBO (News 1st) : පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටි ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන් වී ඇතැයි, වාර්තා වේ.
ඉන්දුනීසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බාලි දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම සබ්මැරීනය අතුරුදන් වී ඇති බවයි.
KRI Nanggala-402 නමැති අදාළ සබ්මැරීනය අතුරුදන්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇතැයි, වාර්තා වේ.
අතුරුදන් නාවික සබ්මැරීනය සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා සහය වන ලෙස ඉන්දුනීසියාව ඔස්ට්‍රේලියාවෙන් සහ සිංගප්පූරුවෙන් ද ඉල්ලීම් කර තිබේ.
මේ අතර ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ, සබ්මැරීනයට ගැඹුරු ජලයට කිමිදීමට අවසර දීමෙන් පසු සම්බන්ධතා ඇණහිට ඇති බවයි.