පාස්කු ප්‍රහාරයට වසර දෙකයි

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට වසර දෙකයි: ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ දේවස්ථානයේදී..

by Staff writer 21-04-2021 | 7:57 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර 2ක් සපිරේ.

ඒ අනුව, මියගිය සහ වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය. එය පවත්වනු ලබන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා සර්ව ආගමික පූජකවරුන් ද සභභාගිවීමට නියමිතය. කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන්ම ඉල්ලීමක් කරන බවය.