COLOMBO (News 1st) : ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට අහිමි විය .
ඒ ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් (mrs.world inc) ආයතනය 2020 ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි කිරුළ අත් හරින බවට ලබාදුන් එකඟතාව පිළි ගැනීමත් සමගයි.
මෙම තත්ත්වව යටතේ 2020 ලෝක රූ රැජිණ තරගාවලියේ දෙවන තැන දිනූ අයර්ලන්තයේ කේට් ශෙනයිඩර්ට කිරුළ හිමිවනු ඇති.
නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළු පැළඳීමේ අවස්ථාවේදී කැරොලයින් ජූරි හැසිරුණු ආකාරය මුල් කොටගෙන මුල්කොටගෙන ප්‍රශ්න මාලාවක් උද්ගත විය.
අවසානයේ කිරුළ ගැළ වූ පුෂ්පිකා ද සිල්වාට ම යළි කිරුළ ලබා දීමට සිදුවිය.
පසුව දෙපාර්ශවයම කුරුඳුවත්ත පොලිසියේ පැමිණිලිකොට උසාවිය දක්වා ගොස් මේ වන විට ජූරි සහ චුලා පත්මේන්ද්‍ර ලක්ෂ 2 ක ශරීර ඇප මත නිදහස්ව සිටිති.
මෙතැන් සිට කැරොලයින් ජූරිට ලෝක විවාහක රූ රැජිණ සඳහා වන වරප්‍රසාද අහිමි වන අතර මෙම වසරෙදී මෙරටදී පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගයේ ජයග්‍රහිකාවට කිරුළ පළඳන අවස්ථාව ද ඇයට අහිමි වනු ඇති.
https://www.youtube.com/watch?v=iPz0My3URm0
https://www.youtube.com/watch?v=hSKYUZk7TZs
