by Staff writer 20-04-2021 | 5:28 PM
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.
විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා පැද වූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.