අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රකාශවලින් සමාජය රැකගන්න නීති

JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්

by Staff writer 20-04-2021 | 3:04 PM

COLOMBO (News 1st) : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීති කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අධිකරණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි. අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ තර්ජනයක් නිර්මාණය කරන බවත් එම තත්ත්වය සාමජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදා ගනු ලබන බව පෙනී ගොස් ඇතැයි, ද අදාළ යෝජනාවේ සඳහන් ය. කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එැවනි අසාත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන හානිවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදී පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්‍රවේශවීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතුව ඇති බවයි.