වරාය නගර පනත් කෙටුම්පත‌: පෙත්සම් සලකා බැලීම ඇරඹේ

වරාය නගර පනත් කෙටුම්පත‌ට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්

by Sagarika Chathumali 20-04-2021 | 10:39 AM

COLOMBO (News1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් අද (20) ආරම්භ වී තිබේ.

පෙත්සම් සලකා බැලෙන්නේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 19 ක් ගොනුකර තිබූ මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ ඇරඹිණ.