ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ

ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ

by Staff writer 20-04-2021 | 1:43 PM

COLOMBO (News 1st) : ගම්වාසීන් පිරිසකගේ පහරදීමක් නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර නගර ශාඛා සේවකයෝ අද පෙරවරුවේ සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.

නියමිත පරිදී සිටුවීම සිදු නොකිරීම නිසා මහනුවර පුෂ්පදාන මාවතේ නිවසක් මතට විදුලි කණුවක් කඩා වැටුණු බව ගම්වාසිහු පවසති. මේ සිද්ධියත් සමග කුපිත වූ ජනතාව විදුලි කණුව පිළිසකර කිරීමට පැමිණි විදුලිබල සේවකයාට පහර දුන්නේ ය. මෙම පහරදීමේ සිද්ධිය මුල්කොට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර නගර ශාඛාවේ සේවකයින් අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, ඊයේ එම සිද්ධිය ඇතිවූ ප්‍රදේශයට තවමත් විදුලිය ඇණහිට ඇති බවයි. මේ හේතුවෙන් මහනුවර පුෂ්පදාන මාවතට සහ බහිරව කන්දේ කොටසකට, කටුකැලේ කොටසකට, සහ මාපනාවතුර ප්‍රදේශයේ කොසකට විදුලිය ඇණහිට තිබේ. https://youtu.be/UaN9aQQbVuo