මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නැහැ...

මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමේ තීරණයක්

by Staff writer 20-04-2021 | 3:53 PM

COLOMBO (News 1st) : සියලු මැයි දින පෙළපාලි හා රැළි නොපැත්වීමට තීරණය කර තිබේ.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී එම තීරණය ගත් බවයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එහිදී මැයි දින පෙළපාලි හා රැළි නොපැවැත්වීමට සියලු පක්ෂ නියෝජිතයින් සමග සාමුහික තීරණයක් ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සියලු මැයි දින පෙළපාලි හා රැළි නොපැත්වීමට තීරණය කළ බවයි. අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව පක්ෂයේ සභාපති හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දිනය කොළඹදී වෙනම පවත්වන බවයි. https://www.youtube.com/watch?v=kzDLycYIgoU