මන්ත්‍රී විජයදාසගේ පුත්‍රයා අත්අඩංගුවට

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට

by Staff writer 20-04-2021 | 2:47 PM

COLOMBO (News 1st) -  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රියේ රාජගිරියේදී එම අනතුර සිදුව ඇති අතර වැලිකඩ පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.