දින 7ක් තුළ පුද්ගල ජීවිත 69ක් මහමගට බිලි

දින 7ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 69ක් මරුට

by Sagarika Chathumali 20-04-2021 | 8:26 AM

COLOMBO (News 1st) : උත්සව සමයේ ගෙවුණු දින 7 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ , අප්‍රේල් 13 වනදා උදෑසන 6.00 සිට අද (20) උදෑසන 6 .00 දක්වා කාලය තුළ සිදුවූ අනතුරුවලින් මෙම පුද්ගලයින් පිරිස මිය ගොස් ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ජීවත් වීමට හැකියාව තිබූ එහෙත් නොසැකිල්ල අපරික්ෂාකාරීබව සහ අවිනීතකම හේතුවෙන් මෙලෙස දිනකට ජීවිත 10ක් පමණ මහගමට බිලි වීම ඉතා බරපතළ, කනගාටුදායක තත්ත්වයක් බවයි. මෙම මරණකරුවන් අතරින් 49% යතුරුපැදිකරුවන් වන අතර තවත් 20%ක් පමණ ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයින් ය.