දවල්ට වැලි ප්‍රවාහනය නැවැත්වීමට පියවර

දවල්ට වැලි ප්‍රවාහනය කිරීම නවතා දැමීමට පියවර - භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

by Staff writer 20-04-2021 | 8:21 AM

COLOMBO (News 1st) - දහවල් කාලයට වැලි ප්‍රවාහනය කිරීම නවතා දැමීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, මුල් අදියරේදී නාගරික සිමාවන් තුළ පමණක් එම සීමාවන් පැනවීමට නියමිත බවය. ඒ සම්බන්ධව අවසන් තීරණය ලබන සතියේ ගැනීමට නියමිතය. වැලි ප්‍රවාහනය ලොරි රථවලින් සිදුවන අවහිරතා හා රිය අනතුරු පිළිබඳ සලකා බලා එම තීරණය ගෙන තිබේ. මීට පෙරද රාත්‍රී කාලයට වැලි ප්‍රවාහනය කිරීම නතර කරනු ලැබූවද එය මේ වනවිට නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැත.