by Staff writer 20-04-2021 | 6:12 PM
COLOMBO (News 1st) - රේණුක පෙරේරා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
රේණුක පෙරේරා අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වන්නේ, විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා කරන බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ධුරය සඳහා විගණන පරීක්ෂණයකින් වැරදිකරුවකු වූ පුද්ගලයෙකු පත්කිරීමට දිගින් දිගටම කරන බලපෑම් සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදීම එකඟතාවක් පළ නොකළ බව රේණුක පෙරේරා මහතා පැවසීය.
ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ලේකම්වරයාව දැනුවත් කළ බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා යැවු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් ය.
එවැනි දුෂිත නිලධාරීන් සමග කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කරමින් සභාපතිවරයා ඉල්ලා අස් වූ බව පැවසීය.
රේණුක පෙරේරා මහතා සඳහන් කළේ, ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්වරයාට, ජනාධිපතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට, බැසිල් රාජපක්ෂ මහතාට යැවූ බවයි.