එන්නත්කරණයේ දෙවන අදියර 01 වැනිදා සිට

කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ - වසංගත රෝග විද්‍යා ඒකකය

by Staff writer 20-04-2021 | 9:29 AM

COLOMBO (News 1st) - කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පළමුවෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එම එන්නත් ලබාදෙන බවය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ උපදේශන කාරක සභාව ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඒ පිළිබඳ තීරණය කර තිබේ. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ තුන හමාරක් පමණ තිබෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.