උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී

උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී

by Sagarika Chathumali 20-04-2021 | 9:46 AM

COLOMBO (News 1st) : උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.

අදාළ කාලසීමාව තුළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 1,236,288 කට අධික ය. ඉන් වැඩිම වාහන සංඛ්‍යාව වන වාහන 141,187  අප්‍රේල් 10 වැනිදා  ගමන් කර ඇති අතර එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධික වේ.