අඟහරු අහසේ පළමු හෙලිකොප්ටර් ගමන..

අඟහරු අහසේ පළමු වරට හෙලිකොප්ටර් යානයක් පියාසර කරයි..

by Staff writer 20-04-2021 | 8:09 AM

COLOMBO (News 1st) - පෘථිවිය අඟහරු අහසේ පාලනය ඊයේ(19) සියතට ගත්තේය.

ඒ, අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන ක්‍රියාත්මක කරමිනි. රාත්තල් 4ක බරින් යුත් තල හතරක හෙලිකොප්ටරය අඟහරු භූමියේ සිට මීටර 3ක් ඉහළ තත්ත්පර 30ක කාලයක් සැරිසැරුවේය. මෙය මුළුමුනින්ම පාලනය කළේ කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අනුබද්ධිත යානා විද්‍යායතනයක සිටයි. ඉහළට එසැවුණු යානය අඟහරු මත ඡායාරූප කිහිපයක් ද ලබා දී තිබේ. එම ඡායාරූප අධ්‍යයනට කොට අප්‍රේල් 22 වැනිදාට පෙර මීළඟ හෙලිකොප්ටර් ගමන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රයිට් සහෝදරයන් පෘථිවිය තුළ කළ හඳුන්වාදීම අද වෙනත් ග්‍රහලෝකයකට හඳුන්වා දීමට අඟහරු හෙලිකොප්ටර් ගමනට හැකිවූ බව නාසා ආයතනය පවසයි.