වරාය නගර පනත් කෙටුම්පත: පෙත්සම් සලකා බැලීම කල්යයි

වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට කල්යයි

by Staff writer 19-04-2021 | 4:25 PM

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම හෙට (20) පෙරවරු 10.00 දක්වා කල්තැබීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද උදෑසන පෙත්සම් සලකා බැලීම ඇරඹිණ. පෙත්සම් සලකා බැලුණේ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ. ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 19 ක් පෙත්සම් ගොනුකර තිබිණ.