මුරලිට හෘද සැත්කමක්..

මුත්තයියා මුරලිදරන්ට හෘද සැත්කමක්..

by Chathurika Jayasundara 19-04-2021 | 6:48 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘද සැත්කමකට භාජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඉන්දියාවේ චෙන්නායිහිදී ය. හෘද සැත්කමක් කිරීම සඳහා මුත්තයියා මුරලිදරන් ඊයේ රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරනු ලැබේ.