මැයි පෙළපාලි නැහැ..

මැයි දින පෙළපාලි නොපවත්වා රැළිය පමණක් පැවැත්වීමට තීරණයක් - ශ්‍රී ලංකා පොදුජන සන්ධානය

by Staff writer 19-04-2021 | 9:49 PM

COLOMBO (News 1st)  - එකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින පෙළපාලි නොපවත්වා රැළිය පමණක් පැවැත්වීමට අද රැස්වූ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින් අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැයි රැළිය ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට එහිදී තීරණය කර තිබේ.