කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් ..

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අප්‍රේල් 21 මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන්නැයි කාදිනල් හිමිපාණන් ඉල්ලයි..

by Staff writer 19-04-2021 | 2:30 PM

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අප්‍රේල් 21 පෙරවරු 8.45ට මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කාදිනල් හිමිපාණන් මෙම ඉල්ලීම සිදු කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමිනි. මේ අතර කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටත් පැවසුවේ, තමන් ඊයේ (18) පැවසූ දේ වැරදියට තේරුම් ගෙන ඇති බවයි.
''අන්තර් ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේග ගැනයි මම කිව්වෙ මම කිව්වෙ නෑමේ රටේ අහවල් පක්ෂෙ අහවල් දේශපාලන නායකයෝ ඒගොල්ල ගැන මං කතා කරන්න ගියේ නෑ''
තව ද අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ද කාදිනල් හිමිපාණෝ එහිදී සඳහන් කළහ.   https://www.youtube.com/watch?v=fIW9ISCtW2s