දේශපාලන පලිගැනීම්: විවාදයට දිනයක්..

දේශපාලන පළිගැනීම්: කොමිෂන් වාර්තාව ගැන කල් තැබීමේ විවාදයට දින නියම වෙයි

by Staff writer 19-04-2021 | 4:11 PM

COLOMBO (News 1st)  - දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ලබන 22 සහ 23 පැවැත්වීමට තීරණය කර තිබේ.

එම තීරණය ගෙන තිබෙන්නේ, අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පක්ෂ නායකයින් විසිනි.