කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

by Sagarika Chathumali 19-04-2021 | 12:28 PM

COLOMBO (News 1st) : ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කුරුඳුවත්ත පොලිසිය විසින් ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් පසුගිය 8 වන දා අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම පොලිස් ඇප මත මුදා හැරිණ. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළවයි.