ඉන්දියාවේ නවදිල්ලිය LOCKDOWN

ඉන්දියාවේ නවදිල්ලිය LOCKDOWN

by Sagarika Chathumali 19-04-2021 | 3:33 PM

COLOMBO (News 1st) : කොරෝනා වසංගත ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 6ක කාලයක් සඳහා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

නගර මහඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසා ඇත්තේ, අද රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි නගරය මෙලෙස වසා දමන බවයි. වසංගත ව්‍යාප්තියේ අවදානම් තැනකට පත්වීම හමුවේ නගරයේ රෝහල්වල ඇඳන්, ඖෂධ ඇතුළු පහසුකම් හිඟවීම හමුවේ රෝහල් බලධාරීන් අර්බූදයකට මුහුණ දී සිටින බව ද වාර්තා වේ. ඊයේ දිනයේ පමණ නවදිල්ලි නුවරින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි පන්දහසකට ආසන්න ය. අප්‍රේල් 15 වැනිදා සිට සෑම දිනකම ඉන්දියාවෙන් 200,000 ඉක්ම වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,620 කි.